FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය ගම්පහ ආයතන 05 කට නාමයෝජනා භාර දෙයි….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 05ක් සඳහා අද (19) නාමයෝජනා භාර දීමට කටයුතු කළ බව එම පක්ෂය පවසයි.

එ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක- සීදූව නගර සභාවට සහ දිවුලපිටිය, අත්තනගල්ල, මීරිගම සහ කටාන යන ප්‍රාදේශීය සභා සඳහා මෙම නාමයෝජනා භාර දීම සිදු කර තිබේ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් මීට සහභාගී වු බවද එම පක්ෂය ප්‍රකාශ කර සිටියේය.

ඊයේ (18) දිනයේ ආරම්භ වු පාළාත් පාන ආයතන 248 ක් සඳහා වු නාම යෝජනා භාර ගැනීම ලබන 21 වැනිදා මධ්‍යහන 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමීෂන් සභාව නිවේදනය කළේය.

DE සිල්වා