FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයක වැසි තත්වයේ වර්ධනයක්..

අද (19) සහ හෙට (20) දිනයන්හිදී දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි තත්ත්වය වැඩි විය හැකි බව, කාළගුණවිද්‍ය දෙපාර්තුමේන්තු අද (19) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම අද දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල හා මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් ,සෙසු පළාත්වල සවස 2.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එහි සඳහන්.

උතුරු සහ නැගෙනහිර පළාත් වලත් පොළොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් මි.මි.75 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවද සඳහන්.

DE සිල්වා