FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරේ..

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අද (18) සඳහන් කළේය.

පෙබරවාරි 7/8/10/12 යන දින හතර අතරින් මෙම දිනය තෝරා ගත් බවත් ඡන්දය පැවැත්වෙන දිනය ඇතුළත් ගැසට් නිවේදනය දෙසැම්බර් 26 දා ප්‍රකාශයට පත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයන් ඡන්දය පැවැත්වෙන දිනය ඒකමතිකව තීරණය කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.