FAST NEWS

24×7 Around the Globe

සුළං වේගය වැඩිවීමේ අවදානමක්..

ඉදිරි පැය 48 තුළ කන්කසන්තුරේ සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එහිදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි.