FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මන්ත්‍රීවරු අඩු කිරීමට ජනපති නියමයෙන් සංශෝධනයක්..

පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව සීයයට පනහකින් අඩු කරන සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානමින් වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ වන විට පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරු අට දහසකට ආසන්න සංඛ්‍යාවක් තෝරා ගැනීමට නියමිත අතර එය පසුගිය පළාත් පාලන ආයතන නියෝජනය කළ මන්ත්‍රීවරු මෙන් දෙගුණයකි.

මේ ආකාරයට විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් නඩත්තු කිරීම ගැටලුවක් බවත් ඔවුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇති බවද පැවසේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන එන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව වැඩි වීම නිසා ආණ්ඩුවට ජනතා විරෝධයක් එල්ල විය හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.

DE සිල්වා