FAST NEWS

24×7 Around the Globe

මැලේසියානු අගමැති හෙට දිවයිනට..

මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් තෙදින නිල සංචාරයක් සදහා හෙට(17) දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම නිල සංචාරය තුළදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරින් සමග සාකච්ඡා සිදුකරනු ඇති.

මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර නිල හමුව අනිද්දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරන ලදි.