FAST NEWS

24×7 Around the Globe

නිල ඇඳුම් වවුචර දරුවන් අතට නොදුන්නොත් විදුහල්පතිවරුට වැඩ වරදියි..

පාසල් දරුවන් සඳහා නොමිලේ ලබාදෙන නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත් නොකොට, ඒ වෙනුවට රෙදි ලබා දීම හෝ වෙනත් මැදිහත් වීම් සිදුකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

කලාප කිහිපයක වවුචර වෙනුවට රෙදි නිකුත් කරන බවට වූ වාර්තා සහ නිල ඇඳුම් වවුචරය වෙළඳ මහතුන් සඳහා වෙන්කොට ඇති තීරුව තුළ පාසල් සංවර්ධන සමිතියක නිල මුද්‍රාවක් යෙදීම සම්බන්ධ වූ වාර්තා මීට පදනම් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

එ අනුව විදුහල්පතිවරුන් විසින් නිල ඇඳුම් වවුචරය හරහා දරුවන්ට නිදහසේ තමා කැමති වෙළඳ සැලකින් මිල දී ගැනීම් සඳහා අවස්ථාව සලසා දිය යුතුයි.

ව්‍යාපාරික ආයතන ප්‍රවර්ධනය කිරීම, මිල දී ගැනීම සඳහා දරුවන් පෙළඹවීම වැනි කටයුතු සිදුකිරීම සඳහා විදුහල්පතිවරුන්ට කිසිදු බලයක් නොමැති අතර එවැනි කටයුතු වල නිරත වන විදුහල්පතිවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට මෙම උපදෙස් ලබා දීම සිදුකර තිබේ.

DE සිල්වා