අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පළාත් පාළන මැතිවරණය පැවැත්වීම වළකාලන්නැයි ඉල්ලමින් අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජනවාරී 08 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අද(15) නියම කළේය.
අඹගමුව ප්‍රාදේශිය සභාව ලෙස පැවැති බළ ප්‍රදේශය පළාත් පාළන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ගැසට් නිවේදනය හේතුවෙන් නෝර්වුඞ්, මස්කෙළිය සහ අඹගමුව වශයෙන් කොටස් තුනකට කැඩෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු ,මේ හේතුවෙන් ජනවාර්ගික ගැටුම් ඇතිවන බවත් බෞද්ධයින්ට හිමි තැන නැතිවෙන බවත් පවසමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමී අවධාරණය කර තිබේ.
DE සිල්වා








