FAST NEWS

24×7 Around the Globe

කඩුගන්නාව මහින්ද රැලියට නැවතත් සිංහයා පමණක් එයි.

කඩුගන්නාව සුනිල් එස්. අබේසුන්දර ක්‍රීඩාංගණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවති ජනරැලියට ක්‍රීඩාංගණය සූදානම් කිරීමේදී එහි ජාතික කොඩියට තරමක් සමාන කොඩියක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා රැස්වීම් භූමියට පැමිණීමට ප්‍රථම ආරක්ෂක නිලධාරින් මෙම කොඩි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. අදාළ කොඩි ඡායාරූප ගත කළ මාධ්‍යවේදියකුට එම ඡායාරූප පල නොකරන ලෙසට ආරක්ෂක නිලධාරීන් යැයි කියාගත් කිස්යම් පිරිසක් බලපෑම් කර තිබෙන අතර කොඩිවල ඡායාරූප මාධ්‍යට නොදෙන ලෙස ද දැනුම් දී තිබෙන බව වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවූ ඉකුත් අප්‍රේල් 23දා කොමිසම ඉදිරිපිට පැවැවූ විරෝධතාවයේදී ප්‍රදර්ෂනය කෙරුනේද මෙම කොඩියි. අවසානයේ ඒ හේතුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ දේශපාලඥයින් පිරිසකට අධිකරණයටද යාමට සිදුවිය.

http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/07/019.jpg