FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් සභා අයවැය ඒකමතිකව සම්මත වෙයි..

උතුරු පළාත් සභාවේ 2018 වර්ෂය සඳහා වන අයවැය ඊයේ (14) සවස ඒකමතිකව සම්මත වී ඇති බව වාර්තා වේ.

එ අනුව පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සියලු දෙනා අයවැය වෙනුවෙන් සහයෝගය පළ කර ඇතැයි පැවසේ.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය, පළාත් මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා විසින් ඉදිරිපත් කළ පළාත් සභා අයවැය විවාදය 12 වැනිදා ආරම්භ කර දින තුනක කාලයක් පැවැත්විණ.

එළඹෙන වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 26,754 ක මුදලක් පළාත් සභා සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කොට පවතින බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පසුගියදා අයවැය කතාව ඉදිරිපත් කරමීන් සඳහන් කළේය.

DE සිල්වා