FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණේ වැලිගම හා මහරගම නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි..

පළාත් පාලන මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වි ඇති බව වාර්තා වේ.

එ අනුව එ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන එම පෙරමුණ සඳහන් කර තිබේ.

එසේම නියමිත කාන්තා නියෝජනය නොමැති නිසා, කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභාව සඳහා භාරදුන් පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍රයත් ප්‍රතික්ෂේප වී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

පළාත් පාලන ආයතන 93 කට අදාළ පළමු අදියරේ නාම යෝජනා කැඳවිම අද (14) දහවල් 12 න් අවසන් විය.

DE සිල්වා