FAST NEWS

24×7 Around the Globe

චන්දියි, තිරියි සංචිතයෙන් ඉවත් කීරීම ගැන අර්ජුනගෙන් දැඩි ප්‍රකාශයක්.

දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න පන්දුවාර 20 ශ‍්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු නායක අර්ජුන රණතුංග මහතා ද විරෝධය පළ කරනවා.

රටේ ක‍්‍රිකට් ආනගතය භාර ගැනීමට සුදානම් ක‍්‍රීඩක දෙපලක් මෙලෙස ඉවත් කිරීම තේරීම් කමිටුවේ අනුවණ ක‍්‍රියාවක් බවයි ඔහු සඳහන් කළේ.

“තේරීම් කමිටුවේ ප්‍රතිපත්තිය මොකක්ද කියල මට තෙරෙන් නැහැ, විශේෂයෙන්ම මම හිතන්නේ ලකුණු අතර ඉන්න ක්‍රීඩකයෝ දෙන්නා තිරිමාන්නයි,චන්දිමාලුයි, අනිත් එක මේ ක්‍රීඩකයෝ දෙන්නා තමයි අපේ ක්‍රීකට් අනාගතය.

තේරීම් කමීටුව තොරන්නන ඕනා රටට අවශ්‍ය කණ්ඩායම එහෙම නැතුව එක එක්කෙනාට ඕනා කණ්ඩායම් නෙවෙයි,ඉතින් මේක මම හරි පුදුම උනා දක්ෂම ක්‍රීඩකයන් දෙදෙනා අයින් කරලා,ලංකාවේ ක්‍රීකට් අනාගතය අයින් කරලා මොන වගේ තීරණ ගන්නවද කියලා මට තෙරුම් ගන්න අමාරුයි.”