FAST NEWS

24×7 Around the Globe

සන්ධාන නාමයෝජනා වලට භූත බලපෑමක්- සමන්මලී සකලසුරිය

මහින්ද අගමැති කරන සටනේ මුල ඉඳලම හිටියට නාම යෝජනාවත් ලැබුණේ නැති වුනත් කරපු කැපකිරීම අපරාදෙ ගියේ නැති බවත් මේ ගෙවෙන්නේ ඒ සටනේ ජයග්‍රහණය ලබන්න තියෙන අවසාන හෝරා බවත් බස්නාහිර පළාත්සභා මන්ත්‍රිනී සමන්මලී සකලසුරිය කියා සිටියි.

ඇයට මහා මැතිවරණය සඳහා එ.ජ.නි.ස.යෙන් නාම යෝජනා නොලැබීම ගැන ඇය කියන්නේ මෙහෙම දෙයක්;

“භූතයෙක් ඇවිත් නාම යෝජනා කපලා වගෙයි පේන්නේ. කවුරුත් ඒ වගකීම භාර ගන්නේ නැහැ. හැමෝම අත සෝදා ගන්නවා. ඇත්තටම මට කැපිල්ලක් තිබුණා. අපි ඉවසීමෙන්, එන අභියෝගවලට මුහුණ දෙනවා. මගේ පියාටත්, මවටත් දෙන්නටම පක්ෂයෙන් අසාධාරණකම් වුණා. අද වෙද්දි මටත් එහෙමයි. ඒත් මම නිහඬව ඉවසීමෙන් මගේ තරුණ කාලය කැප කරලා ජනතාව වෙනුවෙන් මගේ ගමන යනවා. දිස්ත්‍රික්කයේ ඊළඟට එන්න ඉන්න හීන දකින නායකයන්ගෙන් තමා මට අසාධාරණය වුණේ. මට ආපු කැපිල්ල බලවත් වුණු නිසා මට නාම යෝජනා ලැබුණේ නැහැ. ඒක එක විදියකට කුමන්ත්‍රණයක් විදියටත් ක්‍රියාත්මක වුණා. ඒ දේවල් වෙලා ඉවරයි. අපි ඉදිරිය ගැන හිතලා කටයුතු කරන්න ඕනෑ.”