FAST NEWS

24×7 Around the Globe

නාමල් ඇතුළු 05 ට එරෙහි ගවර්ස් නඩුවේ සාක්ෂි විමසීමට දින දෙයි..

ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම යටතේ අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 05 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි මස 16 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (14) නියම කළේය.

එ අනුව මෙම නඩුවේ පළමු, දෙවන සහ තුන්වන සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සිතාසි නිකුත් කළේය.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇතුළු 05 දෙනා හට ,අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

DE සිල්වා