FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධය ලකුණු කිහිපයක් යටතේ මැතිවරණය සඳහා නම් දෙයි..

පළමුව නාමයෝජනා කැදවූ පළාත් පාලන ආයතන 93 සදහා එකාබද්ධ ඒකාබද්ධ විපක්ෂය ලකුණු කිහිපයක් යටතේ පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට නාම යෝජනා භාර දී තිබේ.

එ අනුව එම පළාත් පාලන ආයතන 93 න් 84 ක් සඳහා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් නාම යෝජනා භාර දී ඇත.

නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන 7 ක් සඳහා බෝට්ටුව ලකුණින් සහ බේරුවල නගර සභාවට සහ බණ්ඩාරවෙල නගර සභාවට ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග වැදීම සඳහා නාමයෝජනා භාරදුන් බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛව මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ‍්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් සහ සමාජ සංවිධාන රැසක් ඒකාබද්ධ පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී මෙම නාමයෝජනා භාරදීමට පියවර ගෙන තිබේ.

DE සිල්වා