FAST NEWS

24×7 Around the Globe

කට්ටිය ගියයි කියලා ජන්දදායකයා යන්නේ නෑ – හිටපු ජනපති

කට්ටිය ගියයි කියලා ජන්දදායකයා යන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුරයේ ආගමික වතාවත්වල නිරත වූ පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී හිටපු හිටපු ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්විය.

ගැටළු ඇති වෙලා තියෙන්නේ අම්පාරේ විතරයි. ඒකත් කලක් ඉඳලාම තිබිච්ච ප්‍රශ්නයක්. කට්ටිය ගියයි කියලා ජන්දදායකයා යන්නේ නැහැ. මන් දන්න තරමට දැනටනම් නැහැ. එන්නත් පුළුවන්. යන්නත් පුළුවන්. මොකෝ අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා ගියේ මට කියලයෑ. ඉතින් ඒ වගේ යන්න පුළුවන්. ආණ්ඩුවෙන් එනවා නම් ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇතුව එපැයි එන්න. එන්නම් වාලේ ආවට වැඩක් නැහැනේ. කතා කරනවා. කොයි වෙලාවක හරි එයි.”