පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම අද (14 ) මධ්‍යහ්න 12.00 ට අවසන් වීමට නියමීතව තිබේ.
නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව විරෝධතා ඉදිරිපත් කිරීමට අදාළ තේරීම් භාර නිලධාරි කාර්යාලවලදී පැයක කාලයක් ලබාදෙන බව මැතිවරණ කොමීෂන් සභාව නිවේදනය කර සිටියේය.
පසුව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා පත්‍ර ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම ආයතන 93 සඳහා තරග කරන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඇප මුදල් තැන්පතු භාර ගැනීම ඊයේ (13 දා) මධ්‍යහන 12.00 ට අවසන් වු බවත් ,දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් ඇප තැන්පතු 557 ක් ලැබී ඇති බව මැතිවරණ කොමීෂන් සභාව සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් පළාත් පාලන ආයතන රැසක් සඳහා ඊයේ (13) දිනයේද නාම යෝජනා පත්‍ර භාරදී ඇත.
DE සිල්වා








