FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන අවම ප්‍රමිතීය සඳහා කැබිනට් අනුමැතිය..

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන අවම ප්‍රමිතීන් වෛද්‍ය අඥාපනත යටතේ වන රෙගුලාසි වශයෙන් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව ,ඊයේ (12) කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

මේ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂයයන් සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථ (C) 2ක් හා සාමාන්‍ය සාමාර්ථයක් (S) සහිතව එක් වතාවකදී සමත්ව තිබීම වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට අවශ්‍ය අවම සුදුසුකම් වශයෙන් සැලැකේ.

මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හා නීතිපතිවරයාගේ ද එකඟත්වය ඇති ව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් සකස් කර තිබේ.

 

DE සිල්වා