FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වෘත්තීය සමීති හා කැබිනට් අනුකමීටුව අතර ඇතිවු එකඟතා මෙන්න..

දින 07 පුරා පැවති දුම්රිය සේවක් වැඩ වර්ජනය අත්හිටුවිමට අද (13) පෙරවරුවේ අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනුකමීටුව සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තීය සමීති තිරණ කළේය.

එහිදි දුම්රිය වෘත්තීය සමීති හා කැබිනට් අනුකමීටුව අතර ඇතිවු එකඟතාවයන් කිහිපයකට පැමීණි බව අමාත්‍ය සරත් අමුණුගම මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එසේම මීළග කැබිනට් රැස්වීමට මෙම කරුණු ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

දෙපාර්ශවය අතර ඇතිවු එකගතා පිළිබඳව අමාත්‍ය සරත් අමුණුගම මාධ්‍ය වෙත කළ ප්‍රකාශය..

දුම්රිය අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා සංවෘත සේවා ලෙස නැවත සකස් විය යුතු යැයි කමීටුව එකමතිකව තීරණය කළ හෙයින් එම නිර්දේශ ඊළග කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එකඟවිය.

මෙම කමීටුව අදාළ වෘත්තිය සමීති සමඟ සාකච්ඡා කර විසදුම් දෙන තෙක් බඳවා ගැනීම සහ විභාගයට පිළිබඳ තීරණ අත්හිටුවිය යුතු බව අනුකමීටුව තීරණය කළේය.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව තුළ ඇති යම් යම් පරිපාලන හා වැටුප් ප්‍රශ්න සියළුම නිළධාරීන් කැඳවා අදාළ වෘත්තිය සමීති නියෝජීතයින් සමඟ සාකච්ඡා කර විසදුම් සෙවිමට කමීටුව එකඟ විය.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගත් කිසිඳු නිළධාරීයෙකුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගනු නොලබන අතර වර්ජනයට පෙර පැවති තත්වය අනුව වැඩ කටයුතු කළ යුතුය.

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වැඩ වර්ජනය අවසන් වෙයි.

DE සිල්වා