FAST NEWS

24×7 Around the Globe

මැතිවරණය පිළිබඳ අඹගමුව පෙත්සම කල් තැබේ..

අඹගමුව ප‍්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන 03ක මැතිවරණය පැවැත්විම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, එම අඹගමුවේ පුද්ගලයෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 15 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) තීන්දු කරනු ලැබීය.

නඩුව ඉදිරියට මෙහෙයවීම සඳහා වගඋත්තරකාර පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එ අනුව එම තත්වය සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.

DE සිල්වා