ශ්රීලංකා ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සේවකයන්, වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
තමන්ට මෙතෙක් ලැබෙන ප්රසාද මුදල වැඩි කර දෙන ලෙස ඉල්ලා මෙසේ වෘත්ති ක්රියාමර්ගයකට යෑම සඳහා හේතුව වී ඇති බවත් පැවසේ.
අර්ජුන රණතුංග මහතා සිවිල් ගුවන් සේවා ඇමතිව සිටි සමයේ සේවකයන්ට රුපිලයක් ලක්ෂයක උපරිමයකට යටත්ව බෝනස් මුදල වැඩි කළ හැකි බවට එකල පත් කර තිබූ අධ්යක්ෂ මණ්ඩය විසින් සේවකයන් වෙත සඳහන් කර තිබී ඇති අතර එය පදනම් කරගෙන මෙම වෘත්තීය ක්රියාමාර්ගය දියත් කරන බව බව ගුවන්තොටුපොළ හා සේවා සමාගමේ නිදහස් සේවක සංගමය ප්රකාශ කර සිටියි.
2015 වසරට සාපේක්ෂව 747% ක ලාභයක් ලෙස, රුපියල් බිලියන 6.9 ක් 2016 වසරේ ගුවන්තොටුපොළ හා සේවා සමාගම උපයා ඇති බව ගුවන්තොටුපොළ හා සේවා සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති වර්ණසිරි මුහන්දිරම් මහතා පෙන්වා දෙයි.
ඒ අනුව සමස්ත සේවකයන් සමාගමට උපයා දුන් ලාභය වෙනුවෙන් එක් සේවකයකුට රුපියල් ලක්ෂයක සේවක කොටස ඉල්ලා සිටින බව ත්,පාලනාධිකාරිය මේ පිළිබඳව යහපත් ප්රතිචාර නොදෙන්නේ නම් ගතහැකි සියලු ක්රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසයි.
DE සිල්වා