FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සේවකයින්ට මධ්‍යම රාත්‍රී වන විට සේවයට වාර්තා කරන්නැයි රතු එළි..

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් අද (13) මධ්‍යම රාත්‍රිය වනවිට සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය හැරගියා සේ සළකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මෙම තීරණය ගෙන තිබේ.

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රීයේ දුම්රිය වෘත්තිය සමීති අඛණ්ඩ වර්ජනය ආරම්භ කර අදට දින 07 ක් වෙයි.

එසේම දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයද පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණී.

එ අනුව එම ගැසට් පත්‍රයට ප්‍රකාරය අද (13) මධ්‍යම රාත්‍රිය වනවිට සේවයට වාර්තා නොකරන සියලු දුම්රිය සේවකයින් සේවය අත්හැර ගියා සේ සැලකීම සිදු කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

මේ අතර, වර්ජනය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් පුද්ගල කැබිනට් අනුකමිටුවක් ඊයේ (12) පත් කළේය.

එ අනුව සිය ගැටළු සම්බන්ධයෙන් අදාළ කැබිනට් අනුකමිටුව සමග අද (13) පෙරවරුවේ සාකච්ඡා කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සඳහන් කළේය.

DE සිල්වා