FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර අයවැය වැඩි ඡන්ද 75 කින් සම්මත වෙයි..

2018 වසරට අදාළ බස්නාහිර පළාත් සභා අයවැය අද (12) වැඩි ඡන්ද 75 කින් සම්මත විය.

අය වැයට පක්ෂව ඡන්ද 80 ක් හා විරුද්ධව ඡන්ද 5 ක් ප්‍රකාශ වී ඇති අතර එක් මන්ත‍්‍රීවරයෙක් ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිටියේය.

එසේම ඡන්දය විමසන අවස්ථාව සඳහා මන්ත‍්‍රීවරුන් 17ක් සභාවට පැමිණ සිටියේ නොමැත.

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් මන්ත‍්‍රීවරයෙක් හැර සභාවට පැමිණි සියලූ මන්ත‍්‍රීවරුද, එක්සත් ජාතික පක්ෂ සියලු මන්ත්‍රීවරුද, මුස්ලිම් කොන්ග‍්‍රස් මන්ත‍්‍රීවරුද, ස්වාධීන මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන සුසිල් කිඳෙල්පිටිය මහතාද අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළහ.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු පමණක් අය වැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන උපාලි කොඩිකාර මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

DE සිල්වා