රුපියල් ලක්ෂ 54ක් වටිනා මොන්ටෙරෝ රථයක් විකුණා පොරොන්දු වූ පරිදි එය මිලදී ගත් පුද්ගලයාට ලියාපදිංචි අයිතිය පවරා නොදුන් බවට චෝදනා කරමින්, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළේය.
අද (12) නඩුව කැදවූ අවස්ථාවේ පැමිණිලිකරු හා විත්තිකාර පාර්ශ්වය අතර සමතයක් නඩුව සම්බන්ධයෙන් එළඹී ඇති බවට අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් දන්වා ඇතැයි අධිකරණයට දැනුම් දෙමීන් , මෙම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය ප්‍රකාරව විත්තිකරු නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කළේය.








