FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වෘත්ය සමිති හා ජනපති අතර සාකච්ඡාවක්..

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (12) දිනයේදී පැවැත්වීමට නියමිත කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව පැවැත්වෙන වේලාව පිළිබබඳව මෙතෙක් දැනුම් දී නොමැති බව වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති පවසයි.

කෙසේ වෙතත් ජනපති හෝ අගමැති මැදිහත්ව සිය ගැටලුව විසඳීමට කටයුතු කරයි නම් ඒ මොහොතේ සිටම වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

DE සිල්වා