දුම්රිය වර්ජනය අද(12) දින අඛණ්ඩව 06 වන දිනටත් ක්රියාත්මක වෙයි.
ඊයේ(11) දිනයේදී දුම්රිය වෘත්තීය සමිතිවල විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී ඔවුන් තීරණය කරනු ලැබුවේ රජය තම ඉල්ලීම්වලට නිසි ප්රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අඛණ්ඩව වර්ජනය ක්රියාත්මක කරන බවයි.
දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ වැටුප් වැඩි කිරීම ඇතුළු තම ඉල්ලීම්වලට රජය නිසි මැදිහත්වීමක් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්රියාත්මක කරන බවයි.
කෙසේ වෙතත්,දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද(12) දිනයේදීත් කෙසේ හෝ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට කටයුතු කරන බවයි.








