FAST NEWS

24×7 Around the Globe

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ගෙන් ජනාධිපති ඉල්ලීමක් කරයි..

අද(12) ආරම්භ කෙරෙන සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගනිමින් සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයේදී දරුවන් පත් වන මානසික තත්ත්වයන් පිළිබදව සැලකිලිමත් විය යුතු බැවින් ඒ වෙනුවෙන් සිය මානුෂීය අවධානය, වගකීමෙන් ඉටු කරන ලෙසයි.