FAST NEWS

24×7 Around the Globe

13 වැනිදා සිට 18 වැනිදා දක්වා වැසි ඇති වෙයි..

සුළං රටාවේ ඇතිවන වෙනසක් නිසා 13 වැනිදා සිට 18 වැනිදා දක්වා ලංකාවේ සෑම පළාතකටම වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සවස 02න් පසු ගිගුරුම් සහිත වැසි පවා මෙම කාලය තුළ ඇතිවිය හැකි බවත්, පොදුවේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්ද ඇතිවිය හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.