FAST NEWS

24×7 Around the Globe

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට සේවය අතහැර යාමේ නියෝගය නිකුත් කිරීමට යයි..

වැටුප් විෂමතා ඇතුළු ගැටලු මුලික කරගනිමීන් පසුගිය 06 වැනිදා සිට වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් අද (12) පෙරවරුවේ සේවයට වාර්තා නොකළහොත් ඔවුන් වෙත සේවය ඇතහැර යාමේ නියෝගයක් නිකුත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ජී. එස්. විතානගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඊයේ (11) පස්වරුව වන තෙක් පමණක් සේවයට වාර්තා කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබු බව ලේකම්වරයා පවසා සිටියේය.

කෙසේ වෙතත් වෘත්තිය සමිති 8 ක් ඊයේ (11) දිනයේ යළි සේවයට වාර්තා කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය පවසයි.

DE සිල්වා