FAST NEWS

24×7 Around the Globe

අ.පො.ස සාමාන්‍ය පෙළ අද ආරම්භ වෙයි..

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අද(12) ආරම්භ වන අතර මධ්‍යස්ථාන 5116කදී ඒ සඳහා අපේක්ෂකයින් හයලක්ෂ 88,573 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ මෙවර විභාගයට මුහුණ දෙන සියලූම සිසුන් විභාග නීති රීති වලට අනුව කටයුතු කළ යුතු බවයි.

දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බැවින් අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ ගමන් පහසුව සැලසීමට ‘සිසු සැරිය’ බස් රථ සේවාවේ බස් රථ 750ක් පමණ යෙදවීමට ද ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත.