පොල් පිටරටින් ආනයනය කරන්නේද , නැද්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11ද) රැස්වීමට නියමීත ජීවන වියදම් පිළිබඳ කමිටු රැස්වීමේදී තීරණය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එසේම ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා සතොස ආයතනයට අමතරව සුපිරි වෙළෙඳ සැල්වලින් සාධාරණ මිලට සහල් ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මීට අමතරව සමූපකාර සමිති 3500 ක් හරහා සහන මිලට සහල් ලබාදීමට කටයුතු කරමින් තිබෙන බවත්, එහිදී තොග මිල වශයෙන් නාඩු සහල් කිලෝවක් රුපියල් 69 බැගින් ලබාදෙන බවත්, එහිදී රුපියල් 74ක සිල්ලර මිලකට සහල් අලෙවි කළයුතු බවද හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේය.
DE සිල්වා






