FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට සවස 4.00 පසු වැසි

අද (11) දිනය තුළ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 4.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

දිවයිනේ සෙසු පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතින බවත් ,බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සමහර ප්‍රදේශ වල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

DE සිල්වා