FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණ නාම යෝජනා දීම අරඹයි..

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ පළමු නාම යෝජනාව ලෙස පොහොට්ටුව ලකුණින් තරඟ කරන පොදුජන පෙරමුණ ගල්නෑව ප්‍රාදේශීය සභාව සඳහා අද (11) අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි වෙත නාම යෝජනා භාර දී තිබේ.

අද පෙරවරු 9.08 ට යෙදී තිබුණු සුබ මොහොතින් එය සිදු කෙරුණූ බව පොදුජන පෙරමුණ සඳහන් කළේය.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් බලයලත් නිළධාරි මහාචාර්ය ජන්න ජයසුමන විසින් ගල්නෑව ප්‍රාදේශීය සභාව සදහා එම නාමයෝජනාව භාර දී ඇත.

එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය සභාවට සහ ත්‍රිකුණාමලය නගර, කඩවත්සතර ප්‍රාදේශීය සභාව සදහා ද ශ්‍රීලංකා පොදුජන පෙරමුණ අද පෙරවරුවේ නාමයෝජනා භාර දීමට නිමීත බව එම පෙරමුණ සඳහන් කළේය.

DE සිල්වා