FAST NEWS

24×7 Around the Globe

T20 තරගාවලියට ආරක්‍ෂාව දැඩි වෙයි : නීති තද වෙයි.

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියටද විශේෂ ආරක්ෂාවක් යොදන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

එම තරග දෙක ලබන බ‍්‍රහස්පතින්දා සහ සෙනසුරාදා පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි. දෙරට අතර එම කී‍්‍රඩාංගණයේ පැවැති 03 වැනි එක්දින තරගයේදී ඇතිවූ නොසන්සුන්තාව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා.

සති අන්තයේ පැවැත්වෙන මෙම තරග දෙක නැරඹීම සදහා අතිවිශාල කී‍්‍රඩාලෝලීන් පිරිසක් පැමිණෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ. එ අනුව කී‍්‍රඩාංගණය තුළත් ඉන්පිටත් දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බව ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කළා.

මෙම තරග දෙකේදීත් මත්පැන්, වීදුරුබෝතල්, නලාමෙන්ම ගිනිපෙට්ටි සහ තියුණු උපකරණ කී‍්‍රඩාංගණය තුළට රැගෙනඑමද තහනම්කර තිබෙනවා.

පැමිණෙනකී‍්‍රඩාලෝලීන්ගේ ගමන් මලූද විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටනියමිතයි. යම්අයෙකු එවැනිදේ ගෙන පැමිණයහොත් සහ විනය විරෝධීව හැසිරුණොත් එ් මොහොතේම කී‍්‍රඩාංගණයෙන් ඉවත්කිරීමට පියවර ගන්නා බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

යම් අයෙකු කී‍්‍රඩාංගණය තුළ බීමත්ව කලහකාරීව හැසුරුණහොත් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියටබලය පවරා ඇතැයි ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් සදහන් කළා.