FAST NEWS

24×7 Around the Globe

රාජගිරියට පැය 15 ක ජල කප්පාදුවක්..

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් රාජගිරිය සහ අවට ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00 සිට හෙට අලුයම 5.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ග සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

DE සිල්වා