FAST NEWS

24×7 Around the Globe

දුම්රිය අත්‍යාවශය සේවාවක් කෙරේ – වෘත්තීය සමීති දැනුවත් නෑ..

දුම්රිය සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිතුමා අත්සන් කළ ගැසට් නිවේදනය ඊයේ (08) මධ්‍යම රාත්‍රී නිකුත් කළ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මෙම තීරණය පිළිබඳ තම සාමාජිකයින් දැනුවත් කර නොමැති බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

වැටුප් විෂමතාවක් මුල්කරගනිමින් දුම්රිය රියැදුරන් ඇතුළු වෘත්තිය සමිති ගණනාවක සාමාජිකයින් වැඩවර්ජනයක නිරත වන්නේ දැනට දින දෙකක සිටය.

DE සිල්වා