රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත‍්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාගෙන් එකසිය අනූදෙදෙනකුම (192 අපොස උසස් පෙළ අසමත් වූවන් යෑයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මේ අයගෙන්ද මන්ත‍්‍රීවරුන් අනූහතරක්ම (94අපොස සාමාන්‍ය පෙළ අසමත් වූවන් යෑයි ඒ මහතා කොළඹ පදනම් ආයතනයේ පැවැති ජන හමුවකදී පැවැසීය.
අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ අසමත් වූවන් පාර්ලිමේන්තුවේ හා ඇමැති මණ්ඩලය නියෝජනය කිරීම නිසා රාජ්‍ය නිලධාරීන්ද පහසුවෙන්ම දූෂිත කටයුතුවලට යොමුවන බවද ඇමැතිවරයා එහිදී පැවසීය.








