ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස චමින්ද කුමාර දිසානායක, නීතිඥ උපාලි මොහොට්ටි, එන්.ටී. දයානන්ද යන මහත්වරුන් පත් විය.
මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් ලෙස ඩී.එන්.ඩී. නුගවෙල මහතා පත් කර ඇති අතර දිගාමඩුල්ල නව දිස්ත්‍රික් සංවිධායක ලෙස ගුණරත්න මහේන්ද්‍ර පෙරේරා මහතා පත්වීම් ලැබීය.
DE සිල්වා








