FAST NEWS

24×7 Around the Globe

බෙංගාල බොක්කේ පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට..

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින හෙයින් , ඉන් දිවයිනට ඇති වන බලපෑම අඩුවෙමින් දිවයින පුරා වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (07) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

මේ වන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී.850ක් පමණ ඊශාන දෙසින් ස්ථානගතව ඇති බවත්, ඉදිරි පැය 36 කාලය තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු දිශාවට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් සඳහන්.

එසේම අද (07) දිනයේ ඌව, සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත් වලත් පුත්තලම, මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්ක වල ස්ථාන ස්වල්පයක සවස2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එහි සඳහන් වෙයි.

DE සිල්වා