දුම්රිය එන්ජින් රියදුරු සහයකයින් බඳවාගැනීමේ ක්‍රියා පටිපාටියට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයනයක් ආරම්භ කළ බව ,ලොකොමොටිව් ඔපරේටිව් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.
සිය ගැටලුවට විසදුම් ලබාදීමට බලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද අද (07) පෙරවරුවේ දුම්රිය ගමන්වාර රැසක් ධාවනය කිරීමට පියවර ගන්නා බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.
දුම්රිය රියදුරු වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති නමුත්, සියලුම දුම්රිය මාර්ග වල කාර්යාල දුම්රියක් රැසක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
DE සිල්වා








