ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ වෙන වෙනම තරග කිරීමට ඊයේ (05) පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදි පැවැති විධායක සභා රැස්වීමේදී තීන්දු කෙරුණු බව එම සන්ධාන ආරංචි මාර්ග පවසයි.
මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා විධායක සභාවේදී එම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා මහින්ද අමරවීර මහතා පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කළ යුතු බවටද මෙහිදි යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.්
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව රැස්වීම සඳහා ශ්රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ලංකා කම්කරු කොංග්රසය, ජාතික කොංග්රසය, ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ, ශ්රී ලංකා කම්කරු පක්ෂය ඇතුළු සන්ධානයට අයත් පක්ෂවල නායකයින් සහභාගි වී ඇති බවත් පැවසේ.
කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී ආරුමුගම් තොණ්ඩමන් සහ ජාතික කොංග්රසය නියෝජනය කරන ඒ.එල්.එම්. අතාවුල්ලා යන මහත්වරුන් එම සාකච්ඡාවේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට තීරණය කර තිබේ.
DE සිල්වා








