FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය උපාධිය සඳහා අවම ප්‍රමිතිය ගැසට් කිරීමේ කෙටුම්පත පස්සට දායි..

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ,වෛද්‍ය උපාධිය සඳහා අවම ප්‍රමිතිය ගැසට් කිරීමේ කෙටුම්පත ඊයේ (05) දිනයේ  කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණද එය සාකච්ඡාවට ගැනීම කල්දමා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

වෛද්‍ය උපාධිය සඳහා අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය සාමාර්ථ තුනක් ලෙස එහි සඳහන් කර ඇතැයි ද පැවසේ.

එසේම වෛද්‍ය උපාධියට අදාළ අවම අධ්‍යාපන සුදුසුකම් හා එහි ප්‍රමිතිය පිළිබඳ කරුණුද වෙන වෙනම එම කෙටුම්පතට ඇතුළත් කර ඇතැයිද වැඩි දුරටත් වාර්තා වේ.

DE සිල්වා