FAST NEWS

24×7 Around the Globe

සහල් හා පොල් මද ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය..

ජීවන වියදම පාලනය සඳහා සහල් සහ පොල් මද පිටරටින් ආනයනය කිරීමට සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇති බව වාර්තා වේ.

ජීවන වියදම ඉහළ යාමට සීයයට 60 ක් බලපා ඇත්තේ සහල් සහ පොල් මීල බව එම කැබිනට් රැස්වීමේදි ඇමැතිවරුන් පෙන්වා දී ඇති අතර එහිදි පොල් මිල සීයයට 33 කින්ද සහල් මිල සීයයට 27 කින්ද ජීවන වියදම ඉහළ යාමට බලපා ඇති බව එහිදී අනාවරණය වී ඇති බව පැවසේ.

එ අනුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සහල් සහ පොල් ආනයනය කළ යුතු බව ඇමැතිවරුන් පෙන්වා දී ඇත.

එසේම ජීවන වියදම පාලනය සඳහා සහල් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන ලෙස සතොසට දැනුම් දුන්නද සතොස එම කාර්යය නිවැරදිව සිදුකර නැති බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කළ බවද වාර්තා වේ.

ඊට පිළිතුරු දී ඇති වෙළෙඳ ඇමැති රිෂාද් බදියුදින් මහතා සතොසට සහල් ගෙන්වීමට මුදල් අමාත්‍යාංශය මුදල් නොදුන් බවට චෝදනා කර ඇතැයි ද වාර්තාවේ.

ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත්වූ අදහස් සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා සහල් ආනයනය සඳහා තිබෙන සියලූ බාධක ඉවත් කර සහල් ආනයනය සඳහා ඉඩ දෙන්නැයි උපදෙස් දී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

DE සිල්වා