FAST NEWS

24×7 Around the Globe

පොල්,අර්තාපල් හා පරිප්පු සඳහා පාලන මීලක් පැනවේ..

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා නව පාලන මිල ගණන් නියම කරන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය මේ සතිය ඇතුළත මුද්‍රණය කර නිකුත් කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව පොල් ගෙඩියක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 75ක් වන බවත් ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ, රුපියල් 76 ක් වන බවත් එම අධිකාරීය පවසයි.

තවද පරිප්පු කිලෝග්‍රෑම් එකක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ, රුපියල් 130ක් ලෙස නියම කෙරෙන බව එම අධිකාරීය වැඩි දුරටත් සඳහන් කළේය..

DE සිල්වා