පානදුර ආදී ප්‍රදේශ කිහිපයක සුනාමි අවදානමක් පවති යැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එසේම මෙවැනි හදිසි ආපදා තත්ත්වයක දී ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන කඩිනමින් ජනතාව දැනුවත් කිරිමේ කටයුතු සිදු කරන බැවින් කට කතා වලට නොරැවටන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සුනාමි අවදානමක් ඇතිවීමට නම් මුහුද ආශ්‍රිතව ප්‍රබල භූමිකම්පාවක් ඇති විය යුතු බවත් එවැනි කිසිදු තත්ත්වයක් මේ වන විට වාර්තාවී නොමැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙක් මාධ්‍ය වෙත පැවසීය.
DE සිල්වා








