FAST NEWS

24×7 Around the Globe

වාස් ඇතුළ 07 කගේ අභියාචනය සලකා බැලීමට දින දෙයි..

කොළඹ මහාධිකරණයෙන් මරණ දණ්ඩනය නියම වු හිටපු නියෝජ‍්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු වාස් ගුණවර්ධන ඇතුලු 06 දෙනෙකු එම නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම,අප්‍රේල් මස 02 දා සලකා බැලීමට අද (05) ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුළුල්ල තීරණය කළහ.

2013 වර්ෂයේදි කෝටිපති ව්‍යාපාරිකයක මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට මරණ දණ්ඩනය නියම කෙරුණී.

මෙම නඩුවට අදාල ලේඛන සහ CD තැටි විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙසට එම විනිසුරු මඩුළුල රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළහ.

විත්තිකරුවන් සියලු චෝදනාවලට වරදකරුවන් කිරීමට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් තීන්දුව දෝෂ සහිත බව පවසමින් එය ඉවත දමා විත්තිකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබේ.

හිටපු නියොජ‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන, උප පොලිස් පරික්ෂක ඉන්දික බමුණුගේ, පොලිස් කොස්තාපල් ගාමිණි සරත් චන්ද්‍ර, පොලිස් කොස්තාපල් ප්‍රියන්ක සංජීව සහ පොලිස් කොස්තාපල් කැලුම් රංග යන අය මරණ දණ්ඩණයට නියම කෙරිණ.

DE සිල්වා