ගුරු පුහුණු සහතිකය ලැබූ, සුදුසුකම් සපුරා ඇති සියලු ගුරු සහයකයින්, ඉදිරියේ දී ගුරු සේවයේ 03 -i ශ්‍රේණිය සඳහා රුපියල් 31060 ක ආරම්භක වැටුපකට අන්තර්ග්‍රහණය කිරීමට සැලසුම් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එසේම 2014 වර්ෂයේ දී අවිධිමත් ලෙස බඳවා ගන්නා ලද ගුරු සහයකයින්ගේ මාසික දීමනාව වත්මන් රජය බලයට පත්වන විට ද රුපියල් 6000 කට පමණක් සීමා වී තිබූ බවත් තමන් මැදිහත්ව කැබිනට් පත්‍රිකාවක් මඟින් එම දිමනාව රුපියල් 10000 ක් දක්වා වැඩිකළ බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
DE සිල්වා








