දිවයිනට ගිණිකොන දිගට වන්නට කිලෝ මීටර් 1300ක් පමණ දුරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බැවින් හෙට (05) සිට ඉදිරි දින කිහිපය තුළදී ශී‍්‍ර ලංකාව හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර හා දකුණු මුහුදු ප්‍රදේශවල මෙම තත්ත්වය සිදුවීමට ඉඩ ඇති බවත් එහි සඳහන්.
එසේම උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසිවිය හැකි අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි ඇති විය හැකි බවද සඳහන්.
නැගෙනහිර, උතුරු, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වඩා වැඩි තද වැසි ලැබිය හැකි බවත් බස්නාහිර, සබරගමුව හා ඌව පළාත්වල සහ අම්පාර හා මඩකළපුව දිස්ති‍්‍රක්කවල පැයට කිලෝ මීටර් 50ක පමණ වේගයෙන් හමන සුළං ඇති වීමට ඉඩ ඇති බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
DE සිල්වා








