FAST NEWS

24×7 Around the Globe

‘දිනන සටන ඇරඹුම’ පොදුජන පෙරමුණේ මංගල ජන රැලිය අද..

‘දිනන සටන ඇරඹුම’ නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සවස 2.00ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව එම පෙරමුණ සඳහන් කළේය.

ආණ්ඩුවට එරෙහි සියලු බලවේග එක් වේදිකාවකට ගෙනැවිත් මෙම ආණ්ඩුව පරාජය කිරීමට හා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ‘පොහොට්ටුව’ යටතේ තරග කරන ඒකාබද්ධ පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමේ අරමුණෙන් මෙම ජනරැලිය සංවිධාන කරන බවද එම පෙරමුණ පැවසීය.

DE සිල්වා