පාසල් සිසුන් සඳහා 2018 නව වසරට අදාළ නිල ඇඳුම් වවුචර් පත් මෙම සතියේදී සිසුන් වෙත බෙදා දීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එ අනුව අදාළ වවුචර් පත් දැනටමත් සියලුම පළාත්වලට බෙදා අවසන් කර ඇති බවත් එම අමාත්‍යාංශය කියයි.
හතළිස් දෙලක්ෂයකට ආසන්න පාසල් දරුවන් සඳහා රුපියල් මිලියන 2370ක වටිනාකමකින් යුතු නිල ඇඳුම් වවුචර පත් සහ පිරිවෙන් සඳහා රුපියල් මිලියන 75ක වටිනාකමකින් යුතු වවුචරපත් මේ වන විට නිකුත් කර අවසන් වී ඇති බවත් නිල ඇඳුම් වවුචර් පත්වල මුළු වටිනාකම රුපියල් මිලියන 2445 ක් වන අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
DE සිල්වා








